අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමු පළාතේ බලන්ගොඩ නගරයට ආසන්නව පිහිට ඇති මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල වසර 80ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂයෙන් සිසුන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ සමස්ථ විද්‍යාලයම ජාලකරණයට ලක්කොට තිබීම, පරිඝණක විද්‍යාගාරය නවීකරණය කිරීම, TAB පරිඝණක ලබා ගැනීම , සුහුරු පංති කාමර ආරම්භ කිරීම අදී කටයුතු රාශියකින් පාසල ඉදිරියට ගමන් කිරීම දරු දැරියන්ගේ අනාගත තාක්ෂන කුසලතා විදහා දැක්වීමේ පෙරනිමිති සනිටුහන් කරයි.
අප විදු මෑණියන් යෙහෙන් වැජඹේවා !!!









